Elon Musk විසින් ලොව විශාලතම සමාජ ජාල සමාගමක් වන Twitter සමාග​ම මිලදී ගැනීමෙන් පසුව Twitter සමාජ ජාලය තුල  විවිධ වෙනස්කම් සිදු කිරීමට කටයුතු කර අතර එම සමාගමමේ සේවකයන්ද විශාල පිරිසක් සමාගමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.

පසුගිය දින කිහිපය පුරාවටම Twitter සමාජ මාධ්‍ය ජාලය තුළ ඇති භාෂණයේ නිදහස පිළිබඳව දැඩි කතා බහක් පැවති අතර Twitter සමාග​ම විසින් වෙනත්  සමාජ මාධ්‍ය නොමිලයේ ප්‍රවර්ධනය කිරීම වළකාලීමට කටයුතු කරන බවට ආරංචි මාර්ග පවතිනවා. ඒ අනුව ඉදිරියේ දී විකල්ප සමාජ මාධ්‍ය ජාලා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාකරන twitter ගිණුම් suspended කිරීමට හෝ lock කිරීමට ලක් විය හැකිය. එලෙස වෙනත් සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය හේතුවෙන් ක්‍රියාකාරී පරිශීලකයන්ගේ කිහිපදෙනෙකුගේ ගිණු​ම් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

තවද Twitter සමාගම විසින් Elon Musk ​ව ආවරණය කරන ප්‍රමුඛ මාධ්‍යවේදීන්ගෙ account තහනම් කිරීමට කටයුතු කර ඇත. ඒ අතර CNN හි Donie O'Sullivan, The Washington post හි  Drew Harwell, The NewYork Times හි Ryan Mac, Intercept හි Micah Flee, සහ Mashable හි Matt Binder යන ගිණුම් පවතින බවට වාර්තා වී ඇත.

ඒ අනුව Twitter සමාගම විසින් Elon Musk විසින් මිල දී ගැනීමෙන් අනතුරුව ඉදිරියේ දී මෙම සමාගම තුල තවත් බොහෝ වෙනස් කම් සිදු වීමට ඉඩ ඇති බව බොහෝ දෙනාගේ මතයයි.
භාෂණයේ නිදහස පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්​වූ සමාජ මාධ්‍යක් ලෙස twitter හැඳින්වුවත්, Elon Musk විසින් ගන්නා මෙම ක්‍රියාමාර්ග සමඟ එය තව දුරටත් වලංගු නොවන බව පෙනී යයි. කෙසේ වෙතත් ඔහු විසින් තමන් Freedom of Speech එහෙමත් නැති නම් භාෂණයේ නිදහසට වැඩි ගරුත්වයක් දක්වන බව අවස්ථා ගණනාවකදී Twitter පණිවුඩ මඟින් අවධාරණය කර තිබුණා.

කෙසේ නමුත් Elon Musk විසින් තමන් Twitter සමාගමේ ඉහල නිළතල වලින් ඉවත්විය යුතුද යන්න අසමින් Poll එකක් සමාජ ගත කිරීමට සිය Twitter ගිණුම හා කටයුතු කර තිබෙනවා.